Saturday, February 1, 2014

පඬු පැහැ ලබන කල



මිටියාවතක් වුව
පඬු පැහැ ලබන කල
වැසි දියක ලොබ වුව
තබා පසෙකින්
සැරසෙන්නෙය නික්ම යාමට

පුත නුඹ ද
තබා යා යුතු ය
කැති, මිටි, වෑ සේ ම
උගත් 'කුරු පෑන් පැන්සල් ද
දහසකුත් රීති, සම්ප්‍රදායන්ද
නිවස ම
හිස් බඳුනක් ව අහසට

Picture - Robert Landry

No comments:

Post a Comment