Monday, February 3, 2014

තනිකම


අඩ සඳ නැඟෙයි ගුවන් තල
තනිකමයි මට
ගේට්ටුවෙන් පිට ව
ඇවිද යමි මඟ දිග
රාත්‍රිය යැයි නොතකා
වැඩ කරත් කම්කරු දන
ගල් පෙරළති පස තලති
ඔවුන්ගේ විඩා ගෙන යැන්ම
අසමත් සුළඟ
දූවිලි සමඟ කැරකෙයි
වෙහෙස හා මුසු ව තනිකම
විඩා දෙයි
වහා අඩි ඉක්මන් කර
ඈතට නික්ම යා යුතුයි

Picture - Satoki Nagata (Japanese, Contemporary)

No comments:

Post a Comment