Monday, February 3, 2014

ගයන්න ඔබ ගයන්න පැරණි මතකය සුමිතුර


ගයන්න ඔබ ගයන්න පැරණි මතකය සුමිතුර
පරණ වෙන්නැති පැරණි මතකය සුමිතුර
වයන්න ඔබ වයන්න
තව ම නිම නැති අප ළමල් හදවත්
ගැහුණු හැටි වස්දඬු තුඩක තියා
වයන්න ඔබ වයන්න සුමිතුර

කඳු බඳෙහි වෙලුණු තුරු අග ලතාවන්
නටාවී රඟාවී අපෙ නම් කිය කියා
අපේ නම් කිය කියා
පාසලේ බුදු මැඳුර ළඟ
ඉද්ද මල් කෝ අස අසා

පුස්තකාලේ පාර දිගට දෙව්දාර තුරු නැවි නැවී
ලවන් විහිදයි සුවඳ සුළඟට
සිපගන්න නැවතෙයි කියා
ඈත දුර ගිය මතකයක අග
නිවුණු සුසුමක සුව තියා

Picture - Mahaulpotha Temple

No comments:

Post a Comment