තනියම ඇවිදිමි
හිතුණු විට බොමි
වැඩියම නිකං වාඩි වී ඉමි
රූපවාහිනිය කරකවමි
එකක්වත් නොබලමි
කවිච්චියට පැන සැතපෙමි
ඕලන්ද ඉස්පිරිතාලෙ
දෙසියපනහෙ තේ එක නිමි
වට පිට යනෙන දන දිහා
නිකමට බලන් ඉමි
තනිකඩ දිවිය සැපකැයි
එනමුදු තව ම නොලියමි
පාට පාට මාල වළලු
තෝරමින් වීථියට යමි
දරු මල්ලන් වඩා ගෙන
විඩා ගත් කතුන් දැක ගැස්සෙමි
බිළාල ඇස් දෙකක් ඇති
බඩ මහත මහත්වරු පාවෙති
තනිකමත් ජීවිතේ
මිහිරි කවියක් කියා මට හිතේ
Picture - Iain Faulkner, Scottish, Born 1972, Coffee Break
තනිකමත් ජිවිතේ , මිහිරි කවියක් කියා මට හිතේ.... මේ ටික පට්ට ඇත්ත කඳු :)
ReplyDelete:)
Delete