Tuesday, February 4, 2014

ආමන් අහුරක් විසි කරමි


ආමන් අහුරක් විසි කරමි මිදුණු අහසට
රළ නඟා හඬයි එතකොට මහ මුහුද
නෙරළු තුරු හිඳියි නෙත් අයා බිමට
හිත හිතා වෙන්න ඇති ඔයා ගැනම

අක්බඹුරු කෙස් රොද විහිද ගිය සුළඟට
මතක් වෙන කොට සුළඟ අඬන එක පුදුමද
හිත හදා ගන්න බැරි වෙලා ඇති තවම
මං වගේ රළ මකනයෙන් මකා සිතුවම

Picture - Thekorzens
Source - israelandbeyond.me/2012/08/12/the-boy-the-rocks-the-sea/

4 comments: