Monday, February 10, 2014

අහෝ මා පිටස්තරයන් ඝාතනය කරන්නේ කෙසේද?


මැදියම් රැයෙහි
හදිසියේ
දර්පණයක් තුළින්
මට මා හමුවිය
මේ මමදැයි
මම මොහොතක් බලා හිඳියෙමි
නැතහොත් මේ පිටස්තරයෙක් විය නොහැකිද?

රාත්‍රී ඇරඹුමදී
මම අහර පිසීමට
සහල් අතට ගතිමි
ගල් අහුලනු පිණිස
සුදු පිරුවටකට
එය හැලීමි
චලනය වන ඉතාම කුඩා සතෙකු මට හමු විය
මා කුමක් කරන්නදැයි නොදැන බලා සිටියෙමි
පෙනෙන නොපෙනෙන සතෙකි
නොදුටුවාක් මෙන් ඝාතනය කළ හැකිද ඔහු
විසි කළ හැකිද සියලු සහල් මිටි එක මිටට
කිසිවෙකුට පිරිනැමිය හැකිද
මා නුසුදුසුයි සිතන යමක්
කෙලෙස පැන යම්ද ඉසියුම් කැලඹුමෙන්
සිය දිවි නසා ගත හැකිද
දිවි නසා ගැනීමට
සිරුර මාගේ වන්නේ කෙසේද
එය තාවකාලික ඇඳුමකි
පණ ඇති ඇඳුමකි
පිටස්තරයෙකි
අහෝ මා පිටස්තරයන් ඝාතනය කරන්නේ කෙසේද?

Picture Courtesy - sun-surfer.com/sea-sunset-santorini-greece-6823.html

No comments:

Post a Comment