Tuesday, March 11, 2014

මානය

Reflet bleu

"අන් අයට අවමන් කරන හෝ පහත් කොට සලකන හෝ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ආදී සිතුවිලි පහළවීම
මානය මූලික හේතුවක් වෙයි.

මානය කොටස් තුනකට බෙදේ.

එනම් හීනමාන, සදිස මාන, සෙය්‍යමාන යනුවෙනි.

හීනමාන නම් අන් අයට වඩා තමා පහත්ය, හීනය, අඩුය කියා හැඟීම් ඇතිවීමය. මෙය රූපය, පෙනුම, උගත්කම, කුලය, ධනය, බලය නිසා ඇතිවිය හැකිය. මෙසේ හීනමානයෙන් යුතු පුද්ගලයා උසස් යයි ඔහු හෝ ඇය සිතන අයට බැණීමටද නින්දා කිරීමටද පහත් කොට කතා කිරීමටද පෙළඹේ.

සදිසමාන නම් සමානකම් නැතත් තමා අන් අයට සමාන කරගෙන කටයුතු කිරීමය. එසේ සිතාගෙන “ මමත් දන්නවා, මමත් එකයි, එයත් එකයි, මම කාටවත් දවෛනි නෑ. ආදී ලෙසින් පවසමින් තවත්  කෙනෙකුට අවමන් කළ හැකිය.

සෙය්‍යමාන නම්, තමා අන්අයට වඩා උසස්ය. කියා නිරන්තරයෙන් සිතාගෙන සිටීමය. මෙසේ සිතාගෙන හැබෑවටම තමාට වඩා අධ්‍යාපනයෙන්ද, චරිතයෙන්ද, ගුණයෙන්ද, පැවැත්මෙන්ද, ධනයෙන්ද, පෙනුමෙන්ද වැඩි හා උසස් අයට පවා අවමන් කරයි.


ගුණ නුවණින් යුතු පුද්ගලයා මෙම තුන් ආකාරයේම මානයෙන් බැහැරව නිරහංකාර සහ උපේක්ෂා  සහගත ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි.

මොලොව සියල්ල අනිත්‍යය.
අපගේ ජීවිත ගමනද මොනයම් දවසක, කවර වේලාවක, කුමන හේතුවකින් අවසන් වේදෝයි ස්ථිරව පැවැසිය නොහැකිය.
තම තමන්ගේ ජීවිතවල අඩුපාඩුවෙත් නම් නිවැරදි කරගෙන, යහගුණ දියුණු කරගෙන සත් පුරුෂයන් සේ ජීවත් වන්නට උත්සාහ ගනිමු.
"

බත්තරමුල්ල සුදර්ශනාරාම සෙනසුනේ අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි


Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=35085:2014-03-10-05-08-17&catid=58:urumaya&Itemid=80

Picture - Normand Boisvert, Canadian, Born 1950, "Reflet bleu"

1 comment:

  1. අප ජීවත්වෙන කෙටි කාලය තුල හැකිතාක් යහපත් දේම වැපිරිය යුතුයි. එවිට අපටත් ලොවටත් යහපත් අස්වැන්නක් නෙලාගත හැකි වනු ඇත. අප මළ පසු අප ගැන මිහිරි මතකයන් ලොව තුල ඉතිරි වනු ඇත.

    ReplyDelete