Friday, March 7, 2014

ආදර කතාවේ ඔබ යන්න ගිය කොටස



කුණාටුවට ගසා යමි
හිම තුඩින් ඇන ඇන
වෙරළ තුඩක නවතිමි
මායාවක් නොවෙන වේදනාවක
අකුණකින් හිරි වැටී
නිදි වැටී මෙන් පසු වෙමි
ආදර කතාවේ
ඔබ යන්න ගිය කොටස
විතරක් හිතින් ගෙන
වළලමි

Picture - George Dedoyard, Canadian, "Les Parasols Jaunes"

2 comments:


  1. වසන්තයේ අග
    එකමෙක මලෙක, පෙත්තක
    මිහිකතේ මිහිදන්කල කඳුල
    කියාවී සිසිරයේ වඟ
    මට විතරක් මතක

    ReplyDelete
    Replies
    1. වට කුඩා කඳුළ
      දෝතින් ගෙන
      සිප ගනී මිහි මව

      වසන්තය යළි ඒ යැයි
      ලියාවි තණ පතක
      කෙළවර

      Delete