Tuesday, March 11, 2014

සිත සිඳ බිඳ දා ගිය ලලනී



ධරණි විභූෂණ පුෂ්කරණී
සිඳි පැහැසර බිම කටු ඇමිණී
ගගන විලෝපන සසඳ මෙනී
පිස දමමින් බඳ රළ කමණී

කළුවර කල හද වෙත පැමිණී
එළිය කදෝපැණි නොමැති වැනී
සිත සිඳ බිඳ දා ගිය ලලනී
දැක සැඟවිණි ගඟ දිය රමණී

Picture - Pierre-Auguste Renoir, French, 1841 - 1919, "The Skiff"

No comments:

Post a Comment