Tuesday, March 11, 2014

කුමන කැඩපතද බොරු කරන්නේ


Chen Yifei Painting

ආදර කතාවක් විඳ නිමා වූ කල
මා මුහුණ පෙනේ කැඩපතින්
රන්වන් රෝස මලක් මෙන්

එහෙත් කිසිදු හැඩයක් නැති ව
අවපැහැය දරමින්
අහෝ යැයි සිතන්නට සිතෙන මුහුණකි
සාප්පුවේ වීදුරු තුළ
බසයේ කවුළු තුළ
හැමවිටම පෙනෙන්නේ

කවර කැඩපතද බොරු කරන්නේ

Picture - Chen Yifei, Chinese, 1946 - 2005

1 comment:

  1. සිතෙහි කැඩපත බොරු කරයි ඔබ හට

    ReplyDelete