Monday, March 31, 2014

මීදුම



මීදුම දකින විට ඔබ හද
ශෝකයෙන් පලා යන්නෙද
අතරින් පතර යටගිය
මතකයන් ඇදී එන්නෙද

මටත් එහෙමයි මිතුර
එහෙත් මම ආදරෙයි මිහිදුමට

උදෑසන මීදුම තල්ලු කරමින් අහකට
මිදුල අමැදූ ආච්චිගෙ මුහුණ
මැකී නැත තවම
බිඳක්වත් මතකයෙන් බැහැරව

වියළි පොල් අතු මිටක් සමඟින්
අවදිකරමින් ලිප
මිහිදුමට එනු පිණිස ගෙතුළට
අම්මා අරියි කවුළු දොර

හාන්සි පුටුවට වී සීයා
පෙන්වයි මිනිබිරිය වෙත
'කඳු මුදුන් වුණත් පුත
මිහිදුම පැමිණි විට අපැහැදිලි බව'

මිහිදුමත් සමඟම
ඔවුන්ගේ හඬ බැහැර ගිය කල
මීදුම කියන්නේ
වේදනාවෙන් උමතු විය යුතු දෙයක් මිනිබිරියකට!

Picture - Lise Auger, Canadian

No comments:

Post a Comment