Saturday, May 10, 2014

අහස මම වැසි අහිමි



අහස මම වැසි අහිමි
පෙම් කතා සියලු නිමි
සුවඳ පමණක් නොනිමි
පෙර දාක නුඹට හිමි

විටින් විට වැසි නොකල
අකුණු පමණක් දැරි
හඬන්නට බැරි හදක
විදිලි එළි පෙරදැරි

අහස මම වැසි අහිමි
සුපුල නිලුපුල පතමි
දිය කැඩපතෙහි බැමි
ඉරි තැලුණු බිමට නැමි

Picture - Francois Fressinier

1 comment: