Saturday, May 17, 2014

හෘදාබාධයකින් මිය යෑම



නිසි දෙයම කළ බැවින්
තිළිණ ලෙස පිරි නැමිණි
දැල්වූ උණුසුම් උදුනක් මා වෙත
පුදුමය, තවම දැල්වීගත් ගමන්මය එය
හරියටම ළය මැද

ගිනි වැදී දරා ගත නොහී හැඟුමන්
අළුව ඇත තැනින් තැන
දැන් එය අඩක් අළු බඳුනක්ය
සුණු ව ගිය බිඳ බිඳ

හෘදාබාධයකින් මිය යෑම කියන්නේ ඒකය
හේතු විමසන මිනිසුනට
නොපෙනෙන එකත් අරුමය

Picture - Alessandro Andreuccetti

1 comment:

  1. හෘදාබාධයකින් මිය යෑම කියන්නේ ඒකය///
    අපූරු කතාවක් නෙව... ලස්සනයි වගෙම යමක් හිතන්න ඉතිරි කල කවියක්

    ReplyDelete