Monday, May 26, 2014

මුළු ලොවම කවියක් වන දිනය



පුත
බොහෝ දින පැමිණේවි ඉදිරියට
දහසකුත් කම්පන ඇති වුවද
එසවිය හැකි අවියක් නොදන්නා
එනිසාය මා ඔබට කවිය උගන්වන්නේ

සෘතු හෝ දේශ මාරුවන්
නිවහන හෝ මිතුරන්
ආණ්ඩුව හෝ විපක්ෂයන්
කරකාර හෝ කාලක්‍රියාවන්
උපන් බිම් හෝ නූපන් බිම්
දහසකුත් අඬුවලින් රිදුම් කන විට
ඔබට ලෙය දෙනු පිණිසය
පුතුනි මම කවිය උගන්වන්නේ

හිස් වූ මුළුතැන්ගෙයිහි සිට
සුසුම්ලන්නට හඬන්නට වන විට
වේරම්භ මේඝයක් මෙන් නොහැකි නම් නැඟෙන්නට
සුසුමක්ව හෝ විරෝධය පාන්නටයි
පුත මම අකුරු කියා දෙන්නේ

ඔබ අසමර්ථ කොට පයින් ඇන හෙළා පොළවට
තලා දමන විට වුව පිළි නොගන්නා බව අයුක්තිය
සහ සත්‍ය කොට පෙන්වන පරම අසත්‍යය
නිසි කල ළඟා වන තුරු වපුරන්නට බිත්තර වියැට
පෙම් කවක් හෝ ලියා සිත තනන්ටයි
කවිය මම ලියන්නේ

ඔබද ලිවිය යුතුය කවිය
පුළු-පුළුවන් අයුරින් ගලප ගලපා තථ්‍ය ලෙස
ඉක්බිති අප උදා කර ගත යුතුය
මුළු ලොවම එකම කවියක් වන දිනය

Picture - Carl Vilhelm Holsøe, from Denmark (1863 - 1935)

2 comments:

  1. අප ද ලිවිය යුතු වෙමු කවි
    ගළප ගළපා තථ්‍ය ලෙස
    ඉක්බිති අප උදා කරගනිමු
    මුළු ලොවම එකම කවියක් වන දිනය...

    ReplyDelete