Saturday, May 24, 2014

හඳුනන හුරුපුරුදු එක මුහුණක් නැති කොට



නාඳුනන මුහුණු රාසියක් පුරාවට
හඳුනන හුරුපුරුදු එක මුහුණක් නැති කොට
කඳු පේළි අතරින් ඉස්සි ඉස්සී බලන
රොබරෝසියා ගහක ලස්සනත් මොකටද

ඉවතලන්නට ඔබව සිතට ඕනෑ නැති විට
උණුසුමින් වැළඳගමි සිතින් සිප ගනිමින
වේදනා ගෙන දෙන බැඳීමක් නැතිවම
අපමණ සිනාවකි ඔබ හදට ගෙන එන

කාලයත් ආලෝක වේගයත් පසුකර
ඔබට ආයෙම එන්න පුළුවන්ද මොහොතකට
අයින්ස්ටයින්ට හිනා වෙමු මහ හඬින් එතකොට
නිබ්බුත පදත් වීසි කර ආලයේ නමටම


Picture - Raymond Leech

1 comment:

  1. ළඟ තියෙන දේවල් වල අගේ වැඩි වැඩියෙන් දැනෙන්නෙ ඒවා අපි ළඟ නොමැතිව්ටයි. අපෙන් ඈතට ගිය විටයි.

    ReplyDelete