Monday, June 2, 2014
තර්ගය
තර්ගය නිපල බව
වටහා ගෙන නොතිබු ඈත සමයන්හි
මම තර්ග කළෙමි බොහෝ සේ
එයින් මා හද
දුක්ඛිතභාවයට පැමිණිණි
මගේ මිතුරිය
කළුනික යැයි කිව හැකි දෙයක්
මෙලොව නොතිබේ යැයි කී විට
කළුනික කොහේ හෝ තැනක
තිබිය හැකියැයි මම කීවෙමි
රත්මල්, ඉඟුරු මල් පිදීමට නුසුදුසු මල්
රත් රෝස මල් සහ ශ්වේත ඉද්ද මල් නෙළා ගනිමින් ඈ කියද්දී
වර්ගභේදයටත් අසමාන කොට සැලකීමටත් විරුද්ධ බව මම කීවෙමි
චේතිය වටා දිගු අඩි තබමින් මා දෙස නොබලමින් ඈ නික්ම ගියාය
එදින වැසි බර අඳුරු දිනයකි තිබුණේ
දුටිමි මම වතුසුදු මලක් පුළුස්සා
ඡායාරූපයක් ගෙන පැසසුම් ලබන 'යුර
මලකට ගිනි තැබුම මට කිසිදා කළ නොහැකි බව මම කීමි
පොළොවෙහි පය ගසා ජීවත්වන්න නොදන්නේ යැයි
බැන වැදුණෙහිය ඔහු
පොළොවෙනි මල උපන්නේ
ඉතා සියුමැලිය මල්
සියුමැලි වුවද රළු වුවද
පුළුස්සන්නේ කෙලෙසදැයි තවම නොදනිම්
සොබා දහමට විරුද්ධව
නොනැඟේ මගේ පෑනක් පින්සලක් හෝ
ඉන් මතු කලාවක්
පටහැනි වන තැන ගහට කොළටත් අහසටත් පොළොවටත්
සාවද්යභාවයේ මකනයෙන් විශිෂ්ටභාව මැකී නොයන්නෙද නිමැවුමක?
අසංවේදී කලාකරුවන් වෙතින් පලා නොයන්නෙද කලාව ඈතට?
තර්ග නොකරමි අද
අදහසක් වුව නොබනිමි ඇතැම් විට
සියලු සුවඳ මල් හදේ
පිපෙන්නේ එබැවින
නම් නොතබමි කිසිවකට
පැහැයක් වුව වෙනම නොහඳුනමි
එහෙත් ඕනෑ පිදිය යුත්තෙකුට
පුදන්නට නොපැකිළෙමි
Picture - Emilii Wilk, Polish
Subscribe to:
Post Comments (Atom)
තර්ක කිරීම පළක් නොවන බව නම් ඇත්ත.. මුනිවත හොඳයි බොහෝ විට.... තමන් අදහන සත්‍යය නිර්මාණයකින් බෙදා ගැනීම හොඳයි මේ විදියට.. වාදවිවාදවල නොපැටලී...
ReplyDeleteසොබාදහමට ආදරය නොකරන මිනිසුන්ට සැබෑ කලාකරුවන් වෙන්න බැහැ කියල තමයි මටත් හිතෙන්නෙ....
නිහඬ වෙමි,
ReplyDeleteමහමෙර මෙන්, යුගන්ධර පව්ව මෙන් නිහඬ වෙමි,
මුණිවත රකිමි!!!
හරිම ඇත්ත අදහසක්...
ReplyDelete