ඈතින් ඇසෙන වෘක නාදය
හුනස්නෙන් ඇද මා
විසි කර දමයි පහළට
යළි නැඟිට ඇවිදිමි එම විට
කුසුම් අහුරක් සමඟ සුරු අත
දෙවියන්ටත් විඩා ඇති
අසා සුවිසල් දුක් කඳ
දෙවියන්ටත් මඟ හැරෙන්නට ඇති
සමහර දේ අප'තර
ඇසි බැම තද කර ඇතැම් විට
නැඟෙන වේදනා ඉවත ලා
විසුරවමි කුසුම් සුවඳැති
ඉපල් වන තුරු නොවියැකී
තාපයෙන් සිඳී යනු බැරි
ගඟක්මැයි සකි ජීවිතේ
නියං සමයට පවා හිමි වන
බලාපොරොත්තුව අත ඇති
Picture -
Kays Thoughts
No comments:
Post a Comment