ඔබ එන්න
කෝපි කෝප්පය ගෙන
ඇඳ විට්ටමට තබා අත
ඇහැරවන්න
දෙවොන්දරා සං වගේ
එපා යන්න!
මුමුණන්න
රතුරෝස මලක් දෙන්න
සකුරා පිරි පාරවල් දිගේ ඇවිදින්න
වැටකඩොලු බිඳි හිතේ යතුර දෙන්න
ඔබ එන්න
සඳ සදිසි පුතෙකු දෙන්න
සුලලිත සමයක සුළඟක්ව එපා යන්න
මිහිරි සුවඳක්ව මා ළඟම ඉන්න
(ලලිතා-සරත්චන්ද්‍ර කතා පුවත කියවා)Picture - Aldo Balding
No comments:
Post a Comment