Wednesday, July 16, 2014

ඔබ පුදුමයක්



ඔබ පුදුමයක්
ඔබ කියාගන්නත් බැරි තරම් පුදුමයක්
ඔබ සිහිනයක්
සැබෑ වෙන්නට සිතන්නත් බැරි සිහිනයක්

දෙව්ලියන් ඉගිලෙන
විදුලි මිණි එබ්බවූ
විසල් අහසක් යට
දකින්නට බැරි නිලංකාරය
මටම නොපෙනෙන
ඔබ සිහිනයක්

සිඳු රළින් ඔපලන
මුතු පබළු අත ගෙන
විසල් සයුරක් අස
ලවණ සුළඟට ඇස රිදෝගෙන
මටම නොපෙනෙන
ඔබ සිහිනයක්

Picture - Susan Bourdet

No comments:

Post a Comment