Friday, July 11, 2014

බිඳුණු පියාපත ගෙන



නගරයෙහි උපන් කපුටෝ
නොයත් වනවදුලු සොයා කිසි විට
පල ගිහිණි පුෂ්ප චාමර
නොසොයත් ලොබින් ඇමිණී
උපන් බිම කියා
වෙළී සිටිත්
කුණු කසල විසුළ බිම වුවත් තුටින්
ලස්සන ගැහැණු දැරිවියක්
ඇත එහෙත් එසේ නොවෙන
පල පාට පාටින් එහේ
මල් සුවඳ සුවඳින් ඔහේ
වැතිරෙනා කල තුරු මත අගේ
ඈ විස්සෝපයෙනි බිඳුණු පියාපත ගෙන

Picture - Lauri Blank

No comments:

Post a Comment