Monday, July 14, 2014

බැලතණ මිටක්



බැලතණ මිටක් උගුලමි
කඳු පෙළ පිටු පා දුවමි
නියරෙන් නියරය පනිමි
ඔබෙ මල් බඳුන අස නතර වෙමි

ඔබ කෝප වෙනු ඇත ඇතැම් විට
සිනහව මැඩ ගෙන තදින
ඔබෙ මල් බඳුන කියයි වග තුග
ඔබ නොදැන හිටියට බොහොම

Picture - Julien Dupre 1851-1910

No comments:

Post a Comment