Friday, July 11, 2014

සන්ධ්‍යාව පැමිණෙයි මනාලියක් මෙන්



සන්ධ්‍යාව පැමිණ
මනාලියක මෙන්
දෘශ්‍යමාන වෙයි මා අස
පිනි පිස පත් අතර
ගැල් වූ කුසුම් පෙති
විසි කරයි මඳ නළ සමඟ

ශිඛරයක් මෙන් ගල්ව එක තැන
සිටින මොහොතක
සන්ධ්‍යාව පැමිණෙයි
සිය දුහුල් සළු අතැර

Picture - Nathalie Mulero Fougeras

No comments:

Post a Comment