Thursday, July 24, 2014

සුදු රැස් ඕවිල්ල



හඳ මාමා රැස් එවලා මවනා සුදු ඔන්චිල්ලේ
නංගියි මමයි රෑ කාලේ ඉඳ නැළවෙන්නේ
සුදු සීයා අපි දෙන්නට කතා කියන්නේ
නිදි දෙව් දූ හා මහ දුර ගමනක් යන්නේ

ඕවිල්ලේ වැල් දෙපොටේ අමුණන්නට මල් ගොඩයි
කඳු නිම්නේ ගඟ ඉවුරේ පිපිල තියෙන්නේ
මල් දෝතක් අරගෙන අපි ආපහු එන්නේ

පෑවිල්ලේ ගඟ සිඳිලා දිය බිඳුවක් නැති පාටයි
කඩා ගෙනා පාට පාට මල් මඤ්ජරි කොයි
හඳ මාමත් නෑ සුදු රැස් ඕවිල්ලත් නෑ

Picture - Kinuko Craft

No comments:

Post a Comment