Wednesday, July 16, 2014

Only in your arms



ඔබට පමණි ආලය කරන්නේ පෙම්
ඔබ දෑත තුළ පමණි හිඳින්නේ මම්

විසල් අහසක තරු නෙළන අලුයමේ
ඔබේ උර මත පමණි හිස තියන්නේ මම්
සිහිනයෙන් සිහිනයට ගොලු වෙවී
ඔබේ නම පමණි ගයන්නේ මම්

නඳුන් උයනක මල් වුවන් ඇහැරලා
ඔබේ මුදු සුසුවඳ පමණි සොයන්නේ මම්
අරවින්දයක් වෙලා හිනැහිහී
ඔබ පමණි ම'හද අඳින්නේ මම්

Picture - Max Ginsburg

No comments:

Post a Comment