Wednesday, August 20, 2014

බොස්ටන් අහස

අසංග බණ්ඩාරගේ පින්තූරවලින් ප්‍රමුදිතව:



ගඟ වුණත් හරිම හිස්
තරුවක් නැති තරමටම අහසත්

කුඩා රළවල ඉදිමුම
පෙනේද කිසි කෙනෙකුට
එහෙත් චා'ලස් නදිය ගලයි
බොස්ටන් අහස පසු කර

ගොඩනැඟිලි කියන්නේ මිනිසුන්ටද
අනේ මම තවම නොදනිමි
නටත් ගයත් වයත් උද්‍යානවල
නිහඬ ගසක් මෙන් නැවතුණ
හුදෙකලා මිනිසෙකි එහි තැනක
තොටියා පැද යයි ඔරුව
රන්වන් ආකාසය වෙතට

මිනිසුන් කියන්නේ වහලුන්ය
ජීවිතයේ යම් තැනක
Pictures - © Asanga Bandara

2 comments:

  1. අඩෙ....
    පට්ට පිංතූර ටික...
    ආ...
    ඔයාගෙ කවි.් ලස්සනයි ඈ

    ReplyDelete