Thursday, August 21, 2014

පියය නැත නුඹ ඒ තරං ලොකු



නුඹයි මගේ කවි උල්පත
හද පාරා පිපුණු නෙළුම
වේදනාව වේදනාව
කැටිව ගෙනා වේදනාව

නුඹට පෙම් කළ වැරැද්දක් ඇති
නමුදු ගුලිවී හිත අගිස්සක
සිය දහස් වර හඬන තරමට
පියය නැත නුඹ ඒ තරං ලොකු

නුඹම පාරන හදක ප්‍රේමය
හඬ නඟා වැළපෙන සුයාමය
සිනහවක් මිස කඳුළු නැත තව
හදින් උතුරා ගලා විසිරෙන

Picture - Sergio Cerchi

2 comments:

  1. කඳු ගීයක් කාගෙකින් ඇහුවේ.. තාමත් සද්දෙට ගායනා කරනවද මේවා???

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම මේවා එන්නේ පෑනට නෙමෙයි. ගැයෙන අතරේ තමයි ලියන්නේ. සමහර වෙලාවල් තියෙනවා මිහිරි රිත්මයෙන් පිරුණ. සමහර නෙමෙයි බොහෝද මන්දා.. ඒත්, මං කැමති නෑ ගී නිසා කවි නැති වෙනවට.. කවියයි චිත්‍රයි තමයි මම වඩාත් කැමති කලා මාධ්‍ය. ඉන් පසුවට, වේදිකා නාට්‍ය.

      Delete