Friday, September 5, 2014

මුළු හිතම ඔබ සොරා ගෙන තියේ



මෝසමක් මෙන් ගසා ගෙන එන මතක අණු
හදිසියේ ඇස ගැටි ඔබේ මංගල රුවට පහර දෙයි
කඳුකරයේ වලාකුළු බැම්මක හිඳ සිටින විට
ගසාගෙන ගිය කියුඹු සිපගත් හැටි මැවෙයි

මුළු රාත්‍රියම අපි සීතලෙන් ගැහි ගැහී
වතුර මල් ගස යටට වී සිටිය හැටි වෙවුලමින්
උණුසුමින් පිරී ඇති ගෙතුළ එනු මැන යදිද්දිත්
නිල් අහස් කුස කුඩා තරු කැටිති අහුලමින්

සබඳ ඔබ ධනවතුන්ගේ තැන ඉපිද
දුප්පතෙකු මෙන් මා අතැර යන විටදි දුර
බලාසිටියේ මම හුරුපුරුදු සිනහවෙන්
සිනහවෙන් යැයි ලියන විට පවා එහෙත්
අප්‍රාණිකව යයි මා සිරුර විරහවෙන්

විසි කර සහස් ගල් මුල් මා වෙතට
ඇන එකම පිහියකින් හරියටම ළය මැදට
ඉගිලෙද්දි ඔබ ඔබේ සුවිසල් පියා අරන්
ඇට මැස්සියක මෙන් මිය ගියෙමි නිම්නයේ

කඳුකරය අත වැනුවත් නැවත යා නොහැක එහි
ඔබේ මංගල රුව ඇඳී ඇත අප ඇවිද ගිය මං දිගේ
කන්‍යාමය ගතක් රකිද්දිත් මුළු හිතම ඔබ සොරා ගෙන තියේ
අන්සතුව ඔබේ රුව දකින විට නිරාහාරව මා ඇද වැටේ

Picture - Steve Henderson, 1957

No comments:

Post a Comment