Thursday, September 18, 2014

නිදිමත එන්නත් කර ඇත



නිදිමත එන්නත් කර ඇත මා සිරුර
කොඳු ඇටද ස්නායුද වසා පැතිර
ඇසිපියන්හි එල්ලෙයි නිතර

පෑන පවා බරය
යගදාවක් පමණ
ඉතා සාමාන්‍ය ඇසට අසු නොවන සුලු
බිම් කොටසකි ම'සිත

වාහනය පැමිණි විට ගොඩවෙමි එයට
උස ලිපි ගොනු රැගෙන ඇතුළුවෙමි උසාවියට
මේ මා වෙන්න බැරි කෙනෙකි
ඇඟ බදා සිර කරන සාරිය
දෙපා රිදවන වහන්
පෙළන්නෙය මා නිතොර

නිදිමත එන්නත් කර ඇත
මා සිරුර

Picture - Michael & Inessa Garmash

1 comment:

  1. දහවල නින්ද කියල දැම්මනං නරකෙයි හෙඩිමට..

    ReplyDelete