Tuesday, September 16, 2014

සයුර



තෙත් බිම් වැසි වනාන්තරයකි
මෝසමෙන් වැසී යන නිතර
පෙණ බුබුළු අතුරුවා ගඟ මත
සොය සොයා යන සයුර

දියට වන් කල සිඳු ගැඹර
ගඟ සොයයි හරිත වන තුරුල
ආපිට යා නොහී අයුර
දැක හඬා වැළපෙයි සයුර

Picture - Wislow Homer

1 comment:

  1. ආපිට යා නොහී අයුර
    දැක හඬා වැළපෙයි සයුර///
    මේක ගගකට විතරක් නෙවී හුගක් අය කරන අජූත වැඩ වලට ආදේශ කරන්න පුලුවං නේද අක්කෙ... සමාරඅය මොකක් හරිවැඩක් කරල පසු තැවෙනව අඩේ මේක නොකර හිටිය නං කියල එතකොට පරක්කු වැඩියි...

    අපූරු කවියක්
    ජයවේවා

    ReplyDelete