Wednesday, November 5, 2014
නිවාඩු දිනය ප්රීතියෙන් නිම කරමි
නිවාඩුව මහත් ප්රීතියෙන් අරඹමි
උදෑසන අටට නැඟිටිමි
අසුනකට වැද මඳක් ළත වෙමි
එළවලු කපමි
ලූණු තෙල් දාමි
කියවනු පිණිස කවියක් නැවතෙමි
සුළඟට ගිලිහ ගිය මේපල් පතක් ගැන සිතමි
කරවිල බැඳුම කරවීමෙන් ඇහැරෙමි
දවල් වන තුරු උයමි
මිදුල වල් ගලවමි අතු ගාමි
මල්වලට සප්පායම් කරමි
කොළ පමණක් මන්ද විමසමි
තෙත් කර මුළු මිදුල වතුර නාවමි
ගෙය තෙත මාත්තු කර හැඩ දාමි
උදෑසන සැදිය යුතු මල් බඳුන සවස් කල සදමි
තේ හදමි පළතුරු කපමි
අත් පෙඟෙන තුරු රෙදි සෝදමි
කඩපොළට යමි බඩු ගෙනෙමි
විදුලි ජල බිල්පත් ගෙවමි
වේලුණු රෙදි ගෙතුළට ගනිමි
අල්මාරි අස් කරමි කූඹි පලවා හරිමි
රෑ කෑමට එන මිතුරන්ට සංග්රහ කරමි
ලිවීමට පැවරුම් ඇති බව සිහි කරමි
අන්තිම දිනට කල් දමමි
සාරි මදිමි පොට නවමි
පණිවිඩවලට පිළිතුරු නොලියාම පරිගණකය නිවමි
නිවාඩු දිනය ප්රීතියෙන් නිම කරමි
Picture - Childe Hassam, American, 1859-1935
Subscribe to:
Post Comments (Atom)
නිවාඩු කියල සහතිකද?
ReplyDeleteඔව් ඔව්, අද නිවාඩුනේ :)
Deleteනිවාඩු දිනය තුල හුස්ම ගන්නවත් නිවාඩුවක් ලැබුනාද සැකයි. ඒත් සතුටින් ගත කරලලු. ඒ කියන්නේ හැමදෙයකම ප්රීතිමත් බවක් දකින්නෙක් .හැමදෙයක්ම සතුටින් කරන කෙනෙක් ;)
ReplyDeleteප්රීතිය නොවෙද උත්ප්රාසය?
Deleteසතුටින් වැඩ කරනවානම් හැමදාම නිවාඩු වගේ තමා!!
ReplyDelete!!
Deleteසතුටින් සැමදා මේ ලෙසම ගෙවේවා! සිතේ සතුට සදා සතුටයි.
ReplyDeleteස්තූතියි..
Deleteවැඩට ගියා නං‘ මීට පහසුයි..
ReplyDeleteඒකනේ අපි වැඩට යන්නේ..
Deleteඅකැමතිද සුළඟ හා නැටුමකට
ReplyDeleteවිසිතුරු පෑති චුම්භන විසි කරන්නට අහසට
චිත්රයක් අඳින්නට බරාඳයට වී නිසලව
චිත්රපටියක් බලන්න හිම කිරමක් රස විඳින්න?
ඒකනේ.....එහෙමනේ කරන්න ඕන....නිවාඩු නම් නිවාඩු.
Deleteඒ වුණාට අරහමනේ වෙන්නේ අරූ! :)
Deleteසික්..පුදුම ළමයි...පෝයත් වෙලා යන්ට එපා පන්සලකට එහෙම...
ReplyDelete