"අපට නම් කම්පියුටර් ලැබුණෙ නෑ.. පළවැනි දවසේ වාඩිවෙන්න ලැබුණෙත් චීෆ් ක්ලාක්ගේ මේසෙ පැත්තක. සති දෙකක් ගියාට පස්සෙයි ඉන්න තැනක් ලැබුණෙත් යන්තං" රාජකාරී ඉටු කරනු වස් වෙනත් නිලධරයන්ට පරිගණක ලැබීම පිළිබඳ ගණක අධිකාරිනී ප්රධානියා වෙත සිය කනගාටුව පළකරයි.
ගණක අධිකාරී
ඔබ උගත් ශාස්ත්රයේ නොමැති විය හැක
ඊර්ෂ්යාව මඩින මඟ
මල් පිපෙන විල්වලත්
මඩ දකින එකම පුදුමය
අප ඉල්ලුවේ නැත වෙනම කුටි
කැරකෙන පුටු, පරිගණක, දුරකථන
සිහිනෙකින්වත් පැතුවෙ නැත
කඳුකරයක් මුහුදු වෙරළක් මෙන්
වෙනත් කිසිවක්
එහෙත් පැමිණියේ අප
මල් උයනකින් නිල නඟන ගං තෙරකින්
නොවේය ඒ දුහුවිලි පිරුණු මංපෙතකින්
මුදල් මෙන් එනිසා
ගණනය කළ නොහැකි බව මිනිසුන්
අලුත් පන්තියකින්වත්
උගන්නේ නම් මැනව මැනවින්
Picture - Elvira Amrhein
අලුත් යෙදුම්වලට හපනෙකි නුඹ
ReplyDeleteපැදිපෙළ අනගියි
ජය!
ස්තූතියි!!
Deleteගොඩක් ලස්සනයි. දිගටම ලියන්න
ReplyDelete