Thursday, May 14, 2015

මල් පිපෙන අහස මම නම්



මල් පිපෙන අහස මම නම්
සඳ නෙළුම බොහෝ දුර වෙයි
නිල නිලන සිරස කඳු නම්
ගන අඳුර වසා පැතිරෙයි
මගෙ හදම කඳුළ ඔබ නම්
කඳුළට කවි පද ඉහිරෙයි
දුකින් මිදී වියැකෙයි

Picture - Emile Auguste Hublin, 1830-1891

7 comments:

  1. අගෙයි කදූ.................

    ReplyDelete

  2. දුල් කිරණ සඳෙහි ඔබ නම්
    හද කුමුදු විලක සැඟැවෙයි
    විල් දියෙහි දිවෙන සඳකැන්
    දෙන අමොද රසෙන් සැනැහෙයි

    පුල් පියුම්වලට කලියෙන්
    සඳ සිහින තුලට කිමිදෙයි
    ඇල් කඳුලු විලට වැටුනත්
    අද අමාවකැයි නොදනියි
    මග බලන දෙනෙත් මැලැවෙයි

    ReplyDelete
    Replies
    1. අන්තරා කොටසක් වගෙයි! හරි අගෙයි! "දෙන".. වෙනුවට 'ද' යන්නෙන් අවසන් වෙන වචනයක් හොයාගන්න..

      Delete
    2. "කොඳ" කොහොමද?

      Delete
    3. බස්සි, ...අපූරුයි......:)

      Delete
    4. කොඳ අමොද රසින් කිවුවම එතන ලස්සනට එනව නේ! ස්තූතියි කඳූ :)

      Delete