Wednesday, May 6, 2015

බෙලි කටුව පමණකි



වම් කකුලේ සුළැඟිල්ල වෙව්ලනු මට පෙනේ
මෙහෙයවමින් සිටින විට
විජාතිකයන් චෝදනා නඟන හදිසි රැස්වීමක්
තත්පර කටුවක් මෙන් මගේ හදවත උඩ පනී
එහෙත් කිසිවෙකුට නොපෙනේ
සුළැඟිල්ල පමණක් දනී

මිනිසෙකු මෙන් ඔබ අමතන කල
උදාරම් පායි නුඹේ රට තොට ගැන
යුවානයකින් ගසා දැමිය යුතු යැයි මට සිතේ
හොඳයි මං අහන්නේ, එය වැඩිය හොඳ නැත්ද
ගාස්තු ගෙවන්නේ නැතිව ප්‍රමාදය විමසන කල

රට පිළිබඳ ගර්වය තැබිය යුතුද පසෙකින්
ඔසවා බලමි එහෙත් සිප්පි කටුවක් මෙන් පහසුව
බෙලි කටුව පමණකි, මැද තැනකින් ගසා ගොස් ඇත මුතු ඇට
දෙපාර්ශවයම අසරණය, අතරමැදියෙකු දිනා ඇත

Picture - François Fressinier

No comments:

Post a Comment