Wednesday, May 27, 2015

ඔබ පා තබා ගිය තැන් වල


ශීතය හමා එයි කවුළු පියන්පත් හැර
සඳ එළිය තවරා ඇති නමුදු ළාවට
හිම මත මිදී යන අර ඈත ගංගාව
වනපෙතින් හඹා එන වෘක නදකින් සැලී යයි

කසු කුසුව සුළඟට ළෙලෙන අතු අග
ශ්වේතය රැගෙන එන හිම කැට හා මුසු වෙයි
කුසුමක සුසුම් මිස පුල් කුසුම් ගෙන එන්න
සිසිරයට පුළුවන්ද රොබින් කුරුල්ලෙක් අසයි

අඩි තබා යන්න ඔබ ගංගාව මතින් සකිසඳ
ඔබ දරා ගැන්මට ගංගාවක් වුණත් ගොලු වෙයි
ඔබේ පා සටහන් තබා ගිය තැන් වල
මහා කව්සිළුමිණක් බිහිවෙයි!

Picture -  From Kilian Schönberger's "Brothers Grimm's Homeland" series! http://huff.to/1i9MvWe

1 comment:

  1. ලස්සනයි. ඔය හැටි හැමදාම කවි සිතුවිලි කොහෙන් පහළ වන්නේදැයි මට සිතෙයි :D.
    ජය වේවා!!!

    ReplyDelete