Thursday, July 2, 2015

මකන්න දෛවයේ චිත්‍රය



කලාව සොයා ගැන්ම පමා වූ කලාකරුවන්ය සිටින්නේ සිර ගෙවලවල
ඔවුන්ගේ සුස්ම ග්‍රීෂ්මය මෙන් උණුසුම්, හද ගැහෙන්නේ සුළඟක් මෙන්
ඔවුන් වෙනුවෙන්ය ගයන්නේ උස් අහස
දරුවනි නිදහස්ව එනු මැන එනු මැන

හඬන්න සිරකරුව ඔබ! පිළිසරණක් ඇත කොහේ වුව!
හැඬීමෙන් සුසිනිඳුව යනු ඇත ලිහා ගත නොහැකි වර පට
මැරුවාද ජැක්සන් හන්දියේදී ඔබ යමෙක්, කවරක්ද වූයේ ඔබේ හද මත
රැව්වාද, ගැහුවාද, කෙලෙසා දැමුවාද ආත්මය
කුමක්ද වූයේ ඔබේ හිත මත

කොතැනින්ද බිඳී ගියේ ඔබ
බිඳෙන්න බිඳෙන්න අත හරින්න ඔබ
හසු නොවන්න හිටිවන කඩා හැලෙන පොළොවට
ලියන්න ඔබේ දුක, අඳින්න සිරගෙදර බිත්තිවල
දරුවනි හිනැහෙන්න, නිදහස් කරගන්න ඔබ

මහා භාරතයටත් වඩා විශාලය සිර ගෙදර අවපැහැ ගෙබිම
සීතලය හුස්ම අවහිර කරන සුළඟ
ඔවුන් ඔවුන්ගේ සැලසුම් තනන විට එපිට
මේ ඔබේ වාරයයි අත වනන්නට අහසට
ගයන්න ඔබේ දුක, මකන්න දෛවයේ චිත්‍රය

Picture - Ernesto Barbero (Italian, 1887–1937)

4 comments:

  1. මකන්න පුළුවන්ද දෛවයේ චිත්‍රය

    ReplyDelete
  2. මාරයි :). හිරකරුවෝද මනුෂ්‍යයෝය කියන එක වෙනත් ආකාරයකට කියල.
    ජය වේවා!!!

    ReplyDelete
  3. කියන්න හිස් අහසට.............. මකන්න ඔබේ දුක..........

    ReplyDelete
  4. කලාව සොයා ගැන්ම පමා වූ කලාකරුවන්ය සිටින්නේ සිර ගෙවලවල
    ලස්සනයි.

    ReplyDelete