Thursday, July 30, 2015

හිමායනය වෙයි සරත් සෘතුව


හිමායනය වෙයි සරත් සෘතුව
වේගයෙන් ගසා එන හිම කැට
වසා ගනී තුරු පත්
කුඩා කවුළුව උණුසුම්

ඔබ පැමිණි බවටත් ගිය බවටත්
දැන් නැත එහි අඩි ලකුණු

Picture - http://tiny.cc/qvgjzx

5 comments:

  1. සැලකිය යුතුය එනමුදු
    හිම පියලි
    පියසටහන් රකින බව

    ReplyDelete
  2. සිසිර සුළඟකි හමන්නේ හිම කැරලි වඩාගෙන
    කටකට ගගා ගැහෙයි වැසූ කවුළුවෙහි වීදුරු පියන් පත්,
    විසිරි තුරුපත්ය මිහිදන් වෙන්නෙ සුදු පැහැ සුසානෙක
    මිහිරි සැමරුම් වළලන්නෙක්ද සිසිරය?

    මල් පියලි පාවඩ එලුවෙ එ'කල අපි ඇවිද ගිය අඩිපාරට,
    බටිත්තන් ඒ දවස්වල ගැයුවෙ පෙම් ගී විතරමය,
    කුඩා කවි වැටුන තැන්වල - දළු දැම්මෙ නමක් නැති රතු මල්
    ගැඹුරු විය පිය සටහන්
    ඊට ගැඹුරුයි හාදු කැළලක සටහන්

    "කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්"
    සරත් සන්ධ්‍යාවක ඔබ ගැයුවෙ එහෙමය
    "කල්ප ලක්ෂයක් ඔබ තුරුල්ලේ නිදිබරව ඉන්නම්"
    ඉර සැඟව යන්නට පෙරාතුව ඔබ පිළිණ දුන්නෙය

    පටපට ගගා පිපිරෙන්නෙ උඳුනෙහි කුඩා දර පතුරු
    පිනි කැට පවා අහිමිය සිසිරයට - කඳුළු තහනම්ය
    තනිකමක් ඝන ලොම් කබායක ඔතාගෙන
    ගිනි පුපුරු මතුයෙහි - අතුරමි මිදුනු හදවත

    ReplyDelete
  3. එහෙත් ඔබ අවුළුවා ගිය
    ප්‍රේමයේ උණුසුම්
    ගිනි තපිමි
    හිම දියව යයි
    හදවතේ

    ReplyDelete