Tuesday, July 14, 2015
එයත් නාට්‍යයේ කොටසක්ය!
රෝගාතුරව වැතිර උන් මම
හදිසියේම ඇතුළු වුවෙමි නොදන්නා වීථියකට
තරමක ගාලගෝට්ටි අතරෙහි
තරුණියෝ නටමින් සිටියහ තැන තැන
අඩ නිරුවතින්, මා මවිත වන සේ
තමා හොඳ බව කීවාය
ගලක් උඩ හිඳ ගත් නාටිකාංගනාවක්
මතුවීමි මම ඉන් ඉහළ වීථියට
අලුත් කණ්ණාඩි මේසය මා මිලට ගෙන තිබුණේ
අලුතින් මිලට ගත් වෙන කණ්ණාඩි මේසයක් තිබියදී බව
දැනගන්නට ලැබුණි එහිදී
එහෙත් එහි පිටුපස ලී බිඳී ගොස් තිබුණේ
මල් පාරට පැමිණියේ කෙලෙසද මා
නොදන්නෙමි එනමුත් පැමිණ සිටියෙමි
ඔව්, ඒ පියෝනී මල් විය යුතුය
පිපී තිබුණේ මාර ගස්වල
අඳුරු තෙතබර වීථියකි එය
මල් මල් ඇඳුමක් ඇඳ වාඩි වී සිටියේ
ඉෂිතාගේ නැන්දම්මා
'ඔහු සුදු යුවතියගේ බඳ
තලා පෙළනා හැටි නොදැක
දඹදිව වුණත් සැපැත් වීම යෙහෙක
මරණය වුණත් යෙහෙක'
මම හඬ නඟා කීවෙමි එවිට
ඈ මඟ පෙන්වීය
පුරාණ විහාරයකට
ගල් පඩි පසු කර කර
අඩ අඳුරු පොළොව තෙතබර
ඉහළ මාලයට නැඟුණෙමි මම
විහාරයෙන් එපිට වන ගුලාවකි එකම
බමුණෙක් සිටියේය එහි කීවේය වෙස්සන්තර යුගය බව එය
තරුණ පුරුෂයෝ ඇදී ගියහ හෙළ ඉහළට
ගිරි බෙයඳට
එ'උතුමා සිටියේ එහි
උඩු කය නිරාවරණව
අප දැක ඇති සැටියම
නාට්‍යයක් කරන්නට ඕනෑයි කීවේය ඔහු
'මෙයා නිළියකද?'
විමසුවේය එහි වන් වයස්ගත බමුණෙක්
නිළියක නොවීමට තරම් ගර්වයක් ඇති විය මට
ඇස ඇරුණු විට නගරයේ හුදෙකලා නිවසක
රෝගාතුරව උන් මා හමු විය
එයත් නාට්‍යයේ කොටසක්ය!
Picture - Lunaesque Photography http://bit.ly/1Uou7gS
Subscribe to:
Post Comments (Atom)
රෝගාතුර වීම නාට්ටියක් වගේ පේනවනම් ඒක යම්කිසි මානසික රෝගයක් වන්නට පුලුවනි..
ReplyDeleteනිකං මම හැමදාම රෑට නාට්‍ය බලනවා (බැලෙනවා) වගේ. නාට්‍ය බලන අතරෙ උයනවා, ලියනවා, කියවනවා,අස්පස් කරනවා, හිටිගමන් විනාඩියක් දෙකක් ටී වී එක දිහා බලන් ඉන්නවා, ඉන් පස්සෙ සෝෆාව උඩ නිදියනවා, පොරෝණාවක් පොරවනවා දැනිලා ඇහැරෙනවා.....
ReplyDelete:) අපූරුයි .... එයත් නාට්‍යයේ කොටසක් විය යුතුමය.... ජය!!
ReplyDelete