Friday, August 7, 2015

දෑසමන් සුවඳ ඉසින හිසකෙස



පූරියක් වගේ පිම්බෙන්නෙ සඳ
මඩොල්සිමෙන් එබීගෙන හැන්දෑවට
මොට්ටුව වැහෙන කොට අඳුරට
දෑසමන් සුවඳ ඉසින හිසකෙස

තාරුකා'ළිය ඉරබටු තරුව
දිය කඳුරු ඉහිරෙයි කඳු ඉවුර
නීලමණි නෙතු යුග සොඳුර
නොලියැවෙන කවියද මධුර

රෑ බදුල්ලන් වගේ තැන තැන
එළිය දෙන තරු පලිඟු නුඹ ගැන
සීතලම සීතලයි කඳු උර
උණුසුමයි  හද!

Picture - Sophie Narses http://bit.ly/1IB60lw

4 comments:

  1. මඩොල්සිම කිව්වාම මතක් වෙන්නේ "තරා මගේ දෙව්දුව"

    ReplyDelete
  2. / සීතලම සීතලයි කඳු උර /
    හිස තබමි පහත්වී හෙමිහිට,
    මිහිදුමට මුවාවෙන තරුකැට,
    කිම කියන රහස නොමවැටහෙන,

    ReplyDelete
  3. සීතලෙන් සීත මදනල
    කෝල වී නටයි හිස වට
    පීත පෑ කිරණ ඉසඉස
    මෝදු වී පිපෙයි පුරහඳ

    වාරුවක් නැතිව පාවෙන
    මීදුමකි මියැදි ස්නේහය
    පාලුවෙන් මියෙන සවසක
    හාදුවක් තියයි නළලත

    සීතලෙන් සීත හදවත
    පාරවන සැතක් මතකය
    වීරියෙන් කලත් අමතක
    තාම ඇස් තෙමෙයි ඉඳහිට

    ReplyDelete