Monday, August 21, 2017

සියල්ල දේශපාලන ක්‍රීඩාවකි



කුඩා කෙල්ලක කුමන්ත්‍රණය කරන බව
ලෝකයට හඬ ගා කියන්නට
ලැජ්ජාවක් නැතිද අහසට

වැසිදියත් නියඟයත් අහස නම්
නිල තුරු ගොමුව මගේ බව හැබැයි
අන්ධකාරය තුළ වුවත් නැව
තාරකා එළියට ළඟයි
මඟ හොයා ගන්නව තමයි

සියලු ගල් මුල් රළ බිඳුම් මැද
විකසිතව ගලනා ගඟයි
හැඩි කළත් නිසසල විලක දිය
අහස මැද දුලනා සඳයි
ලොව මිහිර මුදු හදවත සමයි

Picture - Ryan S. Brown, American, Alone in her Thoughts

No comments:

Post a Comment